බස් රථයේ අමනයා… ජීවිත දෙක ගෙන ගියා…

බස් රථයේ අමනයා… ජීවිත දෙක ගෙන ගියා…

මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේදී පෙරේදා (18 වැනිදා) සවස 4.50 ට පමණ පෞද්ගලික බස්‌ රථයක්‌ ලොරි රථයක ගැටී එම ලොරි රථය බස්‌ නැවතුම්පළකට කඩා වැදීමෙන් සිදුවූ රිය අනතුරකින් බස්‌ නැවතුම් පළේ සිටි මවක සහ දියණියක ඇතුළු තිදෙනකු මරුමුවට පත්වී ඇත.
අනතුරත් සමග මොරටුව පොලිස්‌ ස්‌ථානය ආසන්නයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ හට ගැනුණු අතර, පසුව මොරටුව පොලිසිය අඟුලාන මොරටුමුල්ල යන පොලිස්‌ ස්‌ථානවල ද සහාය ලබාගෙන මහත් පරිශ්‍රමයක්‌ දරා තත්ත්වය පාලනය කළේය.
අනතුරින් මියගොස්‌ ඇත්තේ පානදුර, පිංවල පදිංචිව සිටි කාත්තුලගේ දීප්ති මංජුලා පීරිස්‌ (48) නමැති මව, කාත්තුලගේ නෙත්මි දිලුක්‌ෂිකා (13) නමැති දියණිය සහ මොරටුව, එගොඩ උයනේ පදිංචිව සිටි බැමිහැන්නැදිගේ මහින්දසිරි පීරිස්‌ (48) නමැති වෙල්ඩින් කාර්මික ශිල්පියෙකි.
අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්‌ රථය කොළඹ දෙසටම ධාවනය වූ ලොරි රථයේ ගැටීමත් සමඟ ලොරි රථය මගීන් රැඳී සිටි බස්‌නැවතුම්පළට කඩා වැදී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය විය.
බස්‌ රියෑදුරු හා ලොරි රියෑදුරු අත්අඩංගුවට ගැනීමත් සමඟ මියගිය පුද්ගලයන්ගේ ඥතීන් ඇතුළු විශාල පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරී ඇතැයි පොලිසිය පවසයි.
බස්‌ රථයේ රියෑදුරුට තම රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් ලොරියේ ගැටී ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් රියෑදුරන් දෙදෙනා මොරටුව මහෙස්‌ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනතුරින් බරපතළ තුවාල ලබා සිටි මව, දියණිය සහ අනෙක්‌ පුද්ගලයා අවට සිටි අය විසින් වාහනවලින් පානදුර රෝහල කරා රැගෙන ගියද ඔවුහු ඒ වන විටත් මියගොස්‌ සිටියහ.
මොරටුව මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත රුද්‍රිගු මහතාගේ උපදෙස්‌ මත රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සමරජීව මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!