Hot News

” ප‍්‍රවේගකාරි ධනුෂ්කයි-පරිණත තරංගයි ෂිලාත් කණ්ඩායමට තෙවැනි ජයත් හිමිකර දෙයි”(VIDEO)

” ප‍්‍රවේගකාරි ධනුෂ්කයි-පරිණත තරංගයි ෂිලාත් කණ්ඩායමට තෙවැනි ජයත් හිමිකර දෙයි”(VIDEO)

උපුල් තරංගගේ විශිෂ්ට ආරම්භයත් ධනුෂ්ට ගුණතිලකගේ ප‍්‍රවේගකාරී පිතිහරඹයත් හේතුවෙන් බී.පී.එල් තරගාවලියේ සහභාගී වු තෙවැනි තරගයෙනුත් ලකුණු 33ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ෂිලාත් සික්සස් කණ්ඩායම ඊයේ(07) සමත් විය.ෂිලාත් ක‍්‍රිඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනු රාජ්ෂායි කණ්ඩායම ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමට ෂිලාත් කන්ඩායමට ඇරයුම් කළ අතර එහිදී ෂිලාත් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය මෙම තරගාවලියේ තෙවැනි වතාවටත් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ප‍්‍රථම කඩුල්ල වෙනුවෙන් පන්දු 63කදී වේගවත් ලකුණු 101ක් රැස් කිරීමට සමත් විය.

එහිදී නොකඩවා ලබාගත් තෙවැනි අර්ධ ශතකය වාර්තා කරමින් යළිත් වරක් ෂිලාත් කණ්ඩායමේ කොදු නාරටිය වු උපුල් තරංග එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් සමගින් පන්දු 37කදී ලකුණු 50ක් රැස් කළහ.

යළිත් වරක් උපුල් තරංගට අනගි සහයක් ලබාදුන් කොදෙව් ක‍්‍රීඩක ඇන්ඩ‍්‍රි ෆ්ලෙචර් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවි යාමට හසුවන විට පන්දු 30කදී හයේ පහර 03ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 48ක් රැස් කරගෙන සිටියහ.

තරංගගේ දැවී යාමෙන් අනතුරුව ෂිලාත් කණ්ඩායමේ සිව්වැනි පිතිකරු ලෙසින් පිටියට පිවිසි ධනුෂ්ට ගුණතිලක දැවැන්ත හයේ පහර 03ක් හා හතරේ පහර 02ක් සමගින් වේගවත් ලකුනු 42ක් රැස් කරගත්තේ පන්දු 22කට පමණක් මුහුණු දෙමිනි.

ධනුෂ්ට දැවී ගිය පසු එම වගකීම කරට ගත් රොස් වයිට්ලි ෂිලාත් කණ්ඩායම ප‍්‍රවේගකාරී අවසානයක් ලබදෙමින් නොදැවී පන්දු 12කදී දැවැන්ත හයේ පහර 03ක් සමගින් වේගවත් ලකුණු 25ක් රැස් කරගත්තේ ෂිලාත් කණ්ඩායමේ මුලු ලකුණු සංඛයාව 205 දක්වා ඉහළ දමමිනි.

ජයග‍්‍රහණය සදහා ලකුණු 206ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිහිසි රාජෂායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 172ක් පමණි

රාජ්ෂායි කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලුක් රයිටි (56) හයේ පහර 04ක් හා හතරේ පහර 03ක් සමගින් ප‍්‍රවේගකාරී ඉනිමක් දියත් කළත් එය ජයග‍්‍රහණය සදහා ප‍්‍රමාණවත් නොවිණි. ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් ලකුණු 35යි.

පන්දුයැවීමේදී ෂිලාත් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවිමට නිතර වු අබුල් හසන් හා ලැමි ප්ලන්කට් කඩුලු 03 බැගින් බිද හෙළිමට සමත් වුහ

තරගයේ වීරයා සම්මානය ෂිලාත් සික්සස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලකට හිමිවිය.

ෂිලාත් සික්සස් කණ්ඩායම – 205/6 (පන්දුවාර 20)
උපුල් තරංග 50,ඇන්ඩරි ෆ්ලෙචර් 48,ධනුෂ්ක ගුණතිලක 42,රොස් වයිට්ලි නොදැවී 25,කෙස්රික් විලියම්ස් 2/39 ජෙම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 1/38

රාජ්ෂායි කිංග්ස් කණ්ඩායම – 172/8 (පන්දුවාර 20)
ලුක් රයිට් 56,ජෙම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 35, අබුල් හසන් 3/22,ලැම් ෆ්ලන්කට් 3/29https://www.facebook.com/Suicelanka/videos/129734007665205/

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!