Hot News

“ප්‍රභලයන් රැසක් යලි කණ්ඩායමට”ඉන්දියාව සමඟ තරඟාවලියට බලාපොරොත්තු එක් කල සංචිතය මෙන්න

“ප්‍රභලයන් රැසක් යලි කණ්ඩායමට”ඉන්දියාව සමඟ තරඟාවලියට බලාපොරොත්තු එක් කල සංචිතය මෙන්න

ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන මාසයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය තරඟ සඳහා ක්‍රීඩා නොකළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නැවත කැඳවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කල බව ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricketage.in අද පලකල “Sri Lanka set to select strongest Team for India Tour” පුවතෙන් හෙළි කර ඇත.ආභාද තත්වයන් නිසා පසුගිය පාකිස්ථාන තරඟාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්,කුසල් ජනිත් පෙරේරා ,අසේල ගුණරත්න සහ ධම්මික ප්‍රසාත් මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට යලි කණ්ඩායමට කැඳවන බව එම පුවතේ වාර්තා කර ඇත.

ධම්මික ප්‍රසාත් 2015 වසරේ සිට අභාද තත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර කුසල් ජනිත් පෙරේරා අභාදයට ලක්වුයේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉන්දියාව සමඟ පැවති තරඟයේදී ය.අසේල ගුණරත්නද ඉන්දීය කණ්ඩායම සමඟ පළමු ටෙස්ට් තරඟයේදී ආභාදයට ලක්වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟාවලියට පෙර ඇතිවූ ආභාදයක් නිසා එම තරඟාවලියට ක්‍රීඩා කලේ නැත.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පාකිස්ථාන T20 තරඟාවලිය සඳහා නම් කිරීමේ සුදානමකින් සිටියද තරඟාවලියට පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණයේ දිවීම් පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට තරඟාවලිය අහිමි විය.

ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදානමින් සිටියද ඔහු පසුගිය කාලයේ නිරන්තර ආභාදයන්ට ලක්වීම නිසා පුර්ණ සුවතාවක් ලබා ගැනීමේ අරමුණින් ඔහු විවේක ගැන්වූ බව වාර්තා විය.

ධම්මික ප්‍රසාත් දිගු කලකට පසු දේශීය පිටියේ තරඟ සඳහා ක්‍රීඩා කරන ආකාරය පසුගියදා දැකිය හැකිවූ අතර ඔහුගේ නැවත පැමිණීම ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියට ශක්තියකි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා චරිතය රඟදැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නද මේ වන විට අබාද තත්වයෙන් සුවය ලබා සිටින බවට වාර්තා වන අතර පරාජයන්ගෙන් දැඩි ලෙස හෙම්බත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසේල වැනි සටන්කාමී ක්‍රීඩකයෙකු පැමිණීම යලි පිබිදීමක් වනු ඇත.

ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ 16 ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය සමඟ ආරම්භ වනු ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!