ප්‍රංශයේ පාසැලකට ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයේ පාසැලකට ත්‍රස්ත ප්‍රහාරයක්

දකුණු දිග ප්‍රංශයේ ග්‍රාස්සේ නගරයේ පාසලක වෙඩි තැබීමකින් පුද්ගලයන් කීප දෙනෙකු තුවාල ලබා සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අවි ආයුධ කීපයක් රැගත් පුද්ගලයෙකු අද (මාර්තු 16) උදෑසන ටෝක්විල් පාසලට ඇතුළු වී විදුහල්පති වරයාට වෙඩි තබා තවත් කීප දෙනෙකුට තුවාල සිදු කොට ඇති බව BFMTV ප්‍රංශ ඩිජිටල් රූපවාහිනී සේවය වාර්තා කරයි.
ප්‍රංශ ත්‍රස්ත මර්දන කොමාන්ඩෝ භටයන් එම ස්ථානයට යොදවා ඇති අතර එක් පුද්ගලයෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රස්ත තර්ජනයක් පවතින බවට අනතුරු ඇඟවීමේ පණිවුඩයක් රජය විසින් ජංගම දුරකථන හරහා නිකුත් කරනු ලැබ තිබේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!