Hot News

“නිර්මල බුදු දහම අපහාස කරනවාට පිටිදූවේ සිරිධම්ම හිමියන්ට ලැබෙන්නට යන දඩුවම..? “

“නිර්මල බුදු දහම අපහාස කරනවාට පිටිදූවේ සිරිධම්ම හිමියන්ට ලැබෙන්නට යන දඩුවම..? “

රහතන් වහන්සේ නමක් ලෙස පෙනී සිටින පිටිදුවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.එහි සම ලේකම්වරුන් වන පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහනායක හිමියන් සහ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන් මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වේ.පිටිදුවේ සිරිධම්ම හිමියන්, ශ්‍රී දළදා වහන්සේ සූකර දතකට සමාන කරමින් සහ ලලාඨ ධාතූන් වහන්සේ සිප්පි කටුවක් යැයි හඳුන්වමින් කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන බවයි උන්වහන්සේලා ලිපියෙන් දක්වා ඇත.එමෙන්ම උන්වහන්සේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන්ට අපහාස වන අයුරින් ද ප්‍රකාශ සිදුකර ඇති බව එමඟින් පෙන්වා දී තිබෙනවා.එබැවින් රාජ්‍ය නායකයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය පිළිබඳ වගකීම් ප්‍රකාරව, පිටිදුවේ සිරිධම්ම හිමියන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.එසේම කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත කඩිනමින් සම්මත කිරීම මගින් සම්බුද්ධ ශාසනය සහ සංඝ සමාජය සුරක්ෂිත කිරීමට කටයුතු කළ හැකි බවද අදාළ ලිපියේ සඳහන් වේ.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!