Hot News

“දෙරටට වාසි දායක දේ විතරක් කරමු…” – පුටින්ගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

“දෙරටට වාසි දායක දේ විතරක් කරමු…” – පුටින්ගෙන් ට්‍රම්ප්ට සුබ පැතුම්

අමෙරිකාව සහ රුසියාව දෙරටට වාසිදායක වන ආකාරයේ සබඳතාවක් පවත්වා ගෙන යා යුතු බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.ඔහු මේ බව සඳහන් කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබාදෙමින් නව වසරට සුබ පැතුම් එක් කරමිනි.ගෝලීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම, ගෝලීය තර්ජන සහ අභියෝග ජයගැනීම සඳහා දෙරට අතර පොදු සංවාදයක් ඇති විය යුතු බව පුටින් මෙහිදී පෙන්වාදී ඇත.ඒ වෙනුවෙන් දිගු කාලීන ප්‍රායෝගික සහයෝගීතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.දෙරට අතර සබඳතාවල පදනම, සමානාත්මතාවය සහ අනෝන්‍ය ගරුත්වය වනු ඇත.ඒ වෙනුවෙන් අමෙරිකාව සහ රුසියාව අත්වැල් බැඳගත යුතු බව ජනපති පුටින් ප්‍රකාශ කර තිබුණේ, නව වසරේ දෙරටේ සබඳතා පිළිබඳ ලෝකයට නැවුම් පණිවිඩයක් ලබා දෙමිනි.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!