Hot News

තායිලන්තයේ හිටපු අගමැතිනිය වසරට 5 සිර දඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැතිනිය වසරට 5 සිර දඬුවමක්

තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලුක්‌ සිනවත්‍රා මහත්මියට පස්‌ වසරක සිරදඬුවමක්‌ තායිලන්ත ශේ්‍රෂ්ඨාධිකරණය මගින් ඊයේ (27 දා) නියම කරන ලදි. නඩු තීන්දුවට මාස කීපයකට පෙර හිටපු අගමැතිනිය ඩුබායි වෙත පලාගොස්‌ තිබූ අතර ඇය නොමැතිව නඩු විභාගය පැවැත්විණි.
තායිලන්තයේ සහල් සහනාධාරය නිසි පරිදි කළමනාකරණය නොකිරීමෙන් තම රාජකාරිය පැහැර හැරීම නිසා එරට රජයට ඇමරිකානු ඩොලර් බිලියන අටක පාඩුවක්‌ සිදුකළ බවට ඇයට චෝදනා එල්ලවී තිබිණි. මේ නඩු විභාගය සම්බන්ධයෙන් හිටපු අගමැතිනිය ප්‍රකාශ කර තිබුණේ මෙය තනිකරම දේශපාලන හේතු මත පැවරූ නඩුවක්‌ බවත් එදිනෙදා සහනාධාර කටයුතුවලට තමන්ට වගකිව නොහැකි බවත්ය.
2014 දී ඇය අගමැති ධුරයෙන් ඉවත් කරන ලද නමුත් තවමත් තායිලන්තයේ ග්‍රාමීය හා දුප්පත් ජනතාව අතර ජනප්‍රියම නායිකාව ඇයයි.
මෙම නඩුවට හේතු වී ඇත්තේද ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ග්‍රාමීය ගොවීන් සඳහා ඇය ක්‍රියාත්මක කළ සහනාධාර ක්‍රමයයි.
යින්ලුක්‌ සිනවත්‍රා තායිලන්තයේ හිටපු අගමැතිවරයකු වූ තක්‍ෂින් සිනවත්‍රාගේ සොහොයුරියයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!