Hot News

” ඥාණසාර හිමි ඉන්නා තැන ගැන පා.ච. රණවකගෙන් ප්‍රබල හෝඩුවාවක්”

” ඥාණසාර හිමි ඉන්නා තැන ගැන පා.ච. රණවකගෙන් ප්‍රබල හෝඩුවාවක්”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිටින ස්ථානය දැනගැනීමට අවශ්‍යනම් කළ යුත්තේ ඔහුගේ නීතිඥයාට දුරකථන ඇමතුමක් ලබාදීම පමණක් යැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද (19දා) පැවසීය.එසේ කළ නොහැකිනම් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ උදය ගම්මන්පිල මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් එම තොරතුර ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙන බවද ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවක මහතා පවසා සිටියේය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!