Hot News

“කාගේ හෝ කරේ එල්ලී කෙසේ හෝ දිනන්න…”- ශ්‍රීලනිපය ඉහලම තැනින් නියෝගය එයි..

“කාගේ හෝ කරේ එල්ලී කෙසේ හෝ දිනන්න…”- ශ්‍රීලනිපය ඉහලම තැනින් නියෝගය එයි..

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග වැදීමට දිස්ත‍්‍රික් මට්ටමින් තරග වදින පක්ෂ හා සංවිධාන සමඟ සන්ධාන ගත වීමට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව එම පක්‍ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.එහිදී මැතිවරණ ලකුණ අත හෝ බුලත් කොළය ලෙස වෙනස් විය හැකි බවද එය ඉදිරියේදී අවසන් ලෙස තීරණය කරන බවද ඔහු සදහන් කරයි. ඒකාබද්ධය විසින් සිදු කරමින් ඇති වැඩපිළිවෙල පුස්සක් යයි තම සංවිධානය පසුගිය කාලය පුරාම ගමින් ගම ගොස් දැනුවත් කල බවද ඔහු සදහන් කලේය. කෙසේ වෙතත් අවසාන වශයෙන් රට දිනවන්න එකතු වන්නැයි ශ‍්‍රීලනිපය කඩන්නට හදන සියල්ලන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!