Hot News

” කථානායක කරු ඉවතට – ‘ෆැසිස්ට්වාදී පිං ගොනෙක්’ පුටුවට” – ප්‍රසන්න

” කථානායක කරු ඉවතට –  ‘ෆැසිස්ට්වාදී පිං ගොනෙක්’ පුටුවට” – ප්‍රසන්න

ජනාධිපතිගේ සිට ආණ්ඩුවේ ඉහළ සිට පහළට සිටින සියලුදෙනාගේ එකම හීනය වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය කොටවා බේද කරවීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.රට පාවා‍දෙන ද්‍රෝහී ගමනට විරුද්ධ ඒකාබද්ධ විපක්ෂය බෙදී වෙන් වී සිටින අයුරු ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ කුක්කන්ට සිහිනෙනුත් පෙනෙන බව පැවසූ රණතුංග මහතා ජනතාව පවරා දුන් වගකීම අකුරට ඉෂ්ඨ කරන ඒකාබද්ධ විපක්ෂය කෙටවීමට සිරිකොතේ ඉඳුල් කන්නන්ට නොහැකි බවත් කීවේය. තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මන්ත්‍රි කණ්ඩායමේ වරප්‍රසාද අමුඅමුවේම උල්ලංඝණය කරමින්, මන්ත්‍රිවරුන්ට තර්ජන ගර්ජන කරමින් මර්දනය කරන්න අගමැතිවරයා ඇතුළු කණ්ඩායම මුල සිටම කටයුතු කළා. පසුගිය සතියේ කථානායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැක් වූ විරෝධයට මුවාවෙලා වර්තමාන කථානායකවරයා ඉවත් කරලා ෆැසිස්ට්වාදී පිං ගොනෙක් කථානායක පුටුවේ වාඩි කරවන්න අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හීන් නූලෙන් කටයුතු කරමින් සිටිනවා. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. ලෙසය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!