Hot News

ඒඩ්ස් වෛරසය දී දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත විනාශ කල “නිරූපණ ශිල්පියාගේ” පැටිකිරිය

ඒඩ්ස් වෛරසය දී දරුවන් දෙදෙනෙක්ගේ ජීවිත විනාශ කල “නිරූපණ ශිල්පියාගේ” පැටිකිරිය

යෞවන යෞවනියන්ගේ නෙත් සිත් පැහැර ගන්නා රූසපුවකින් හෙබි ඇය දෙස එක්‌වරක්‌ බැලූ අය දෙවරක්‌ නොව තුන් වරක්‌වත් නෙත් සිත් යොමු කරන්නට අමතක නොකළේ ඇයගේ රූසපුව නිසාය.
ඉකුත් වසරේ ඇයගේ අත ගත්තේ රූමත් කාන්තාවකගේ ගති ලක්‍ෂණ නාරිදේහ විලාශයකින් හෙබි හුරුබුහුටි තරුණයෙකි. මේ තරුණයා රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය අතර මනාලියන් හැඩගැන්වීම ඔහුගේ ප්‍රමුඛ රාජකාරිය විය.
මේ අතර ඔහුගේ රූමත් බිරිඳ ගැබිනියක්‌ බවට පත්වූ අතර වෛද්‍ය සායනයේදී ඇයගේ රුධිර සාම්පලයක්‌ පරීක්‍ෂණයට ලක්‌වූවාය. ලේ සාම්පල පරීක්‍ෂණයේදී ඇය එච්.අයි.වී. ආසාදිත කාන්තාවක්‌ බවට නිගමනය වූ අතර ඇයගේ පුරුෂයා වන වේෂනිරූපණ ශිල්පියාගේ රුධිරයද පරීක්‍ෂා කිරීමේදී ඔහුද එච්. අයි. වී. ආසාදිතයකු බව අනාවරණය විය.
මේ දෙදෙනා ඒඩ්ස්‌ මර්දන ලිංගාශ්‍රිත සායනයට යොමු කළ අතර එහිදී ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නට විය.
මේ අතර රූමත් බිරිඳට දරුවකු ලැබුණ අතර එම බිලි¹ගේ සායන කාඩ්පතේ වෛද්‍යවරු විශේෂ සටහන් යෙදූ බවද මෙම ලියුම්කරුට දැනගන්නට ලැබුණි.
පසුව වෛද්‍ය අංශ පැවැත් වූ පරීක්‍ෂණවලදී මෙම වේෂ නිරූපණ ශිල්පියා යෞවනයට එළැඹෙන දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයකු බවත් ඔහු දරුවන් රැසක්‌ සමඟ සම්බන්ධතා පැවැත් වූ බවත් අනාවරණය වූ අතර එම දරුවන්ද එච්.අයි.වී. ආසාදිතයන් බවද වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වූ අතර එම දරුවන්ටද සායනවලදී රහසිගතව ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු පියවර ගෙන තිබුණි.
පාසලේදී මෙම දරුවන් අනිකුත් දරුවන් සමඟ කෙළිදෙලෙන් ගතකළ අතර කිසිවකුත් මෙම දරුවන් එච්.අයි.වී. ආසාදිතයන් බව මොහොතකටවත් නොසිතූහ.
මේ අතර කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයට එච්.අයි.වී. ආසාදිත දරු දෙදෙනා ගැන තොරතුරු ලැබුණි. බාලවයස්‌කාර දරුවන් ලිංගික අපයෝජනයට යොදා ගන්න පුද්ගලයකු පිළිබඳව එම තොරතුරුවල අඩංගු විය.
කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි උපුල් නිල්මිණී ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරි කපිල ප්‍රේමදාස, කළුතර කොට්‌ඨාස භාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පොලිස්‌ පරීක්‍ෂිකා මල්ලිකා තුෂාරි යන මහත්ම මහත්මීහු මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
සිද්ධිය කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා මහතා දැනුවත් කිරීමෙන් පසු පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස්‌ ලැබුණි.
පොලිස්‌ පරීක්‍ෂිකා මල්ලිකා තුෂාරි මහත්මියට පරීක්‍ෂණ කටයුතු භාර වූ අතර ඇය අවුරුදු 15 ක්‌ 16 ක්‌ වයසැති පිරිමි දරුවන් දෙදෙනා සිය භාරයට ගෙන ප්‍රශ්න කරන්නට වූවාය.
දරු දෙදෙනා සියලුම කරුණු වමාරන්නට විය. පුද්ගලයකු තමන්ට වේෂනිරූපණ ශිල්පියා හඳුන්වා දුන් බවත් ඔහු කාන්තාවක්‌ වැනි අයකු බවත් ඔහුට කිසිවක්‌ කර කියා ගන්නට නොහැකි අතර ඔහු කියන ආකාරයට තමන් හැසිරුණ බවත් පවසන්නට විය.
දරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගත් මල්කා තුෂාරි එම දෙදෙනා රෝහල් ගතකරන්නට පියවර ගෙන සැකකාර වේෂ නිරූපණ ශිල්පියා සොයා පිටත් වූ අතර අලුත්ගම පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස්‌ පරීක්‍ෂක අමිල ජයසේකර මහතාගේ සහායද ලබා ගත්තාය.
සැකකරුගේ නිවසට ගිය විට ඔහු නිවසේ නොසිටි අතර ඔහුගේ රූමත් බිරිඳ හා දරුවාද ඥතීන් කිහිප දෙනෙක්‌ විය.
සැකකරුගේ ඥතීන්ගෙන් මෙහිදී පොලිසියට තදබල දොaෂාරෝපණ එල්ල වන්නට විය. අපට ලැඡ්ජයි පොලිසිය ආවේ ඇයි දැයි අසන විට අසල්වැසි නිවැසියන්ද එම නිවසට එබිකම් කරන්නට විය.
සංචාරක හෝටලයකට මනාලියක්‌ ඇන්දවීමට ගොස්‌ සිටි සැකකරු පැමිණි විට ඔහු පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අතර තමන්ට මේ භයානක රෝගකාරක ලැබුණේ කෙසේද යන්න ඔහු පවසන්නට අපොහොසත් වූහ.
මනාලියන් ඇන්දවීමට සංචාරක හෝටලයකට ගිය විටදී රූමත් තරුණියක්‌ වැනි මොහුට විදේශිකයකු ලිංගික අතවරයක්‌ කරන්නට ඇතැයි ද එහිදී මොහුට මේ විපත සිදුවන්නට ඇතැයි සමහර පොලිස්‌ නිලධාරීන්ගේ මතය වන්නට විය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු පොලිසියට කළ ප්‍රකාශ දැනගන්නට නොලැබුණ අතර ඔහු වෛද්‍ය පරීක්‍ෂණයකට යොමුකර කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
මෙම වේෂ නිරූපණ ශිල්පියාට මෙම දරු දෙදෙනා රැගෙන ගොස්‌ භාරදුන් බ්‍රොaකර්වරයාද ඉකුත් 10 වැනිදා පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය විසින් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විඡේරත්න මහත්මිය වෙත ඉදිරිපත් කළ අතර ඔහුවද 20 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අතර මෙම සිදුවීම් විනිසුරු නිල මැදිරියේදී සිදුවිය.
ප්‍රධාන සැකකරු වෙනත් රැඳවියන්ගෙන් ඉවත් කර තැබීමට ද මෙහිදී අවධානය යොමුවී ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ටද මොහු ගැන පැහැදිළි කිරීම් කර ඇතැයි වාර්තාවේ.
හැට හා හැත්තෑව පැන්න විදේශීය මහල්ලන් ලංකාවට පැමිණ අපේ යෞවන යෞවනියන් සිය මනදොළ පුරවා ගැනීමට සමීප කර ගන්න අතර එම මහල්ලන් සමඟ ටික කලක්‌ දීග කන අපේ තරුණියන් පසුව තරුණ තරුණියන්ගේ ලේ සීරිමාංශ උරා බීමට පටන් ගැනීම ශෝකජනකය.
විදේශිකයන්ට මග පෙන්වන සංචාරකයන්ද බහුලව මහලු වයසේ පසුවන විදේශීය සංචාරක කාන්තාවන් සමඟ ලිංගිකව හැසිරී සිය නිවසට පැමිණ සිය බිරින්දැවරුන් සමඟ හැසිරීමෙන්ද භයානක ලෙඩ රෝග පැතිරී යන්නට පටන් ගෙන ඇතැයි පොලිසිය පවසයි.
පොලිසිය, රෝහල, අධිකරණය හා බන්ධනාගාරය යන ස්‌ථානවලට මහජනතාව යැමට බියක්‌ පළකරති. අපගේ සුපුරුදු ස්‌ථාන බවට මේ ස්‌ථාන හතරම පත්වී ඇත.
පොලිසියේ අප්‍රසන්නම ස්‌ථානය බවට අද පත්වී ඇත්තේ ළමා හා කාන්තා කාර්යාංශය බව සඳහන් නොකර බැරිය.
වසර දෙක තුන වයසැති දැරියන් පවා ලිංගික අතවරයන්ට ලක්‌වී ඇති පුවත් අපට අසන්නට දකින්නට ලැබෙන්නේ මේ ළමා කාන්තා කාර්යාංශය තුළදීය.
පියවරුන් දියණියන් දූෂණය කළ ආකාරයත් දරුවන් මවුවරුන් දූෂණය කළ අයුරුත්, සහෝදරයන් සහෝදරියන් දූෂණය කළ ආකාරයත් අසන්නට ලැබෙන මෙම ළමා කාර්යාංශය දෙසින් පූජ්‍ය පක්‍ෂය විසින් කරන ලිංගික අතවරයන් ගැනද අසන්නට ලැබෙන සුලභ දර්ශනයන්ය.
ඉකුත්දා අනාවරණය වූ ශිෂ්‍යයන් දෙදෙනකු එච්. අයි. වී. ආසාදනයට ගොදුරු වී ඇතැයි පළවූ පුවතින් ප්‍රදේශ ගණනාවක්‌ම කැළඹී ඇති අතර විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන්ගේද දැස්‌ මේ පුවතින් පසු දැල්වී ඇතැයි වාර්තාවන්නට විය.
එච්. අයි. වී. ආසාදිත දරු දෙදෙනාගෙන් එක්‌ දරුවකුගේ මවුපිය දෙපළ රන් කහවනු සොයන්නට විදේශගතවී ඇතැයි ද ආච්චි අම්මාගේ සෙවනේ හැඩි දැඩි වූ මෙම දරුවාගේ මව සිද්ධිය දැනගත් පසු ලංකාවට පැමිණ දැන් සෝසුසුම් හෙළන බවද පොලිස්‌ ආරංචිමාර්ග සඳහන් කරයි.
අධිකරණවලට යොමු කරන බී වාර්තා, චෝදනා පත්‍ර ගැන නිතරම සෝදිසියෙන් සිටිමින් විවෘත අධිකරණයේ මෙන්ම විනිසුරු නිල මැදිරි ආසන්නයේ ගැවසීමත් උසාවි කටයුතු භාර පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම විනිසුරු ආරක්‍ෂක පොලිස්‌ නිලධාරීන් (ඡගීගධ) සමඟ සුහදව සිටීමත් නිසා මහජනතාවට හිතකර අනාගත පරපුරට පාඩමක්‌ ඉගෙන ගත හැකි තොරතුරු මාධ්‍යයට හෙළිදරව් කිරීමට අපට හැකිවී ඇත.
මේ තොරතුරු අනාවරණය කිරීමේදී මරණීය තර්ජන, අපහාස, උපහාස තර්ජන බොහෝ වෙලාවට උගතුන් මෙන්ම නූගතුන්ගෙන්ද එල්ල වේ. එම ගර්ජන තර්ජන උපහාස අපහාස මාධ්‍යවේදීන් වශයෙන් අප උපේක්‌ෂා සහගතව කරුණු පෙරදැරිව සිනා රැලි ප්‍රතිවාදීන්ට පෙන්වා නිහඬ වන බව සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!