Hot News

“එළියට ඇඳ දැමු අරුන්දිකට සිරිසේනගෙන් ආයෙත් ඇමතිකමක්..? “

“එළියට ඇඳ දැමු අරුන්දිකට සිරිසේනගෙන් ආයෙත් ඇමතිකමක්..? “

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේ පැවති ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාද පැමිණ සිටීම විශේෂත්වයක් විය.එම උත්සව සභාව ඇමතූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා හැඳින්වූ ආකාරයද එහිදී කතා බහට ලක් වුණා. අතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයාට යළිත් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවනු ඇති බව එමගින් හැඟී යන බවයි.කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය ඇමති අරුන්දික මහතා කියා සිටියේ “එතුම පෙරළන්න යනවයි කියල ගියා. ආයේ ආව. එතුම අපේ පක්ෂයේ කෙනෙක්නේ. ඇමතිධූරයක් යළි ලැබෙනවද කියලනම් මට කියන්න බැහැනෙ” යැයි එහිදී ඔහු පැවසුවාය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!