Hot News

” කැකිරාවේ 40ක් එකම වරදට පොලිසියට භාර වෙයි…? “

” කැකිරාවේ 40ක් එකම වරදට පොලිසියට භාර වෙයි…? “

කැකිරාව ඉපලෝගම ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනෙකු අද පොලිසියට භාරවී තිබෙනවා.ඒ පසුගිය 29 වන දින ඉපලෝගම පොලිස් වසමේදී කැබ් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ අනතුරක් සිදුව තිබුණා. එහිදී යතුරුපැදිකරු මියයාමෙන් පසුව කලහකාරී තත්ත්වයක් හටගත් බව පොලිසිය සඳහන් කළා.ඒ අනුව කලහකාරීව හැසුරුණු බවට සැකකරුවන් 40 දෙනෙකු අද පොලිසියට භාරවී තිබෙනවා.සිද්ධියට අදාළව සැකකරුවන් 66 දෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන තිබූ අතර ඔවුන්ගෙන් අත්අඩංගුවට ගත් 08 දෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේය.පසුගිය 29 වන දා සිදු වූ එම සිද්ධියෙන් අනතුරුව කැබ් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඇප මත මුදා හැරුණා.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!