Hot News

“ආණ්ඩුවේ මැරයන් විපක්ෂයේ රැස්වීමට කඩා වදියි. ලේ එන තුරු පහර දෙයි”(PHOTO)

“ආණ්ඩුවේ මැරයන් විපක්ෂයේ රැස්වීමට කඩා වදියි. ලේ එන තුරු පහර දෙයි”(PHOTO)

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ බලය හිමි ජාතික මන්ත්‍රණ සභාවට ඇතුළු වූ ජනපති නිකොලාස් මදූරෝ හිතවාදීන් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු පිරිසකට සහ ජනමාධ්‍යවේදීන් පිරිසකට පහරදී තිබේ. වෙනිසියුලාවේ නිදහස් දිනය නිමිත්තෙන් පැවති සැමරුමක් අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදුන් බව විදෙස් පුවත් වාර්තා පල උනා.මන්ත්‍රණ සභා ගොඩනැගිල්ල පිටත රතිඤ්ඤා දල්වමින් රැස්ව සිටි ජනපති හිතවාදීන් පිරිස පොලු මුගුරු රැගෙන පසුව ගොඩනැගිල්ල වෙත කඩා වැදී තිබේ. බොහෝ දේශපාලඥයන් ලේ වැගිරෙන තුරු පහරකෑමට ලක්ව ඇති අතර, ඔවුන්ගේ ඡායාරූප සමාජජාල වෙබ් අඩවිවල පළ වෙමින් තිබේ. තුවාල ලැබූවන් අතර, විරුද්ධ පක්ෂ නියෝජ්‍ය නායක ඇමෙරිකෝ ඩි ග්‍රාසියාද සිටින බව වාර්තා වෙයි.සිදුවීමට අදාල ඡායාරූප පහතින්

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!