Hot News

” අම්මෝ ලොතරැයිය ගැන මෑන්ට තියෙන කැක්කුමක්..? “

” අම්මෝ ලොතරැයිය ගැන මෑන්ට තියෙන කැක්කුමක්..? “

ඔහු මෙසේ පැවසුවේ ලොතරැයි මණ්ඩල දෙක විදේශ ඇමතිවරයාට පැවැරීම විහිලුවක් බවට ඇමති දයාසිරි ජයසේකර මහතා කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිරිකොත එජාප මුලස්ථානයේදී ඊ්යේ උදයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීයි.”ආණ්ඩුව තැන තැන විචේචන කරන්න එපා. ප‍්‍රශ්නයක් තියෙනවා නම් ජනාධිපතිතුමා එක්ක සාකච්ජා කරන්න.වීදුරු ගෙවල්වල ඉදල ගල් ගහන්න එපා .බස් එක් ඇතුලේ ඉදල බස් එක තල්ලු කරන්න එපා. බස් එකෙන් බැහැල ඒක කරන්න,” යැයි කුරුණැගල දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉදුනිල් මහතා ඇමති දයාසිරි ජයසේකර මහතාගෙන් ඊයේ(18) ඉල්ලීමක් කළේය.“ලොතරුයි මණ්ඩාලය ගැන අද දයාසිරියට පුදුම කැක්කුමක් ඇතිවෙලා.එතුමාට මේ ලොතරැයියේ මොකක් හරි සම්බන්ධයක් තියෙන පාටයි.එදා මහින්ද නීතිපති දෙපාර්තමේන්තුව එතුමා යටතට පවරා.එතකොට ඔය දයාසිරිල සිටියේ කොහෙද? මේ පත්වීම් කරන්නේ ජනාධිපතිතුමා.දයාසිරිට ප‍්‍රශ්නයක් තියෙනවා නම් තැන තැන තියන්නේ නැතිව ජනාධිපතිතුමා එක්ක සාකච්ජා කළා කම් තමයි හොද “ යන්න ප්‍රකාශ කළේය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!