Hot News

“අනේ මැඩම් මේක නවතාදමන්න….!”-ලංකාවේ සුන්නත් කිරීම තහනම් කරන ලෙස මුස්ලිම් කාන්තාවන් අධිකරණ ඇමතිගෙන් ඉල්ලයි

“අනේ මැඩම් මේක නවතාදමන්න….!”-ලංකාවේ සුන්නත් කිරීම තහනම් කරන ලෙස මුස්ලිම් කාන්තාවන් අධිකරණ ඇමතිගෙන් ඉල්ලයි

සුන්නත් කිරීම හෙවත් චර්ම ඡේදනය යනු ශිෂ්නයේ පෙර සම කපා ඉවත් කිරීමයි. ඒවගේම තමයි සුන්නත් කිරීම ලොව පැරණිම සැත්කම ලෙසත් සමහර දෙනා සළකනවා. කෙසේවෙතත් ළමා අවධියේදී ලිංගික සුන්නත් කිරීම්වලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවන් පිරිසක් නියෝජනය කරන නීතිඥයින් සහ ක්‍රියාකාරීන් පිරිසක් අද (06) දිනයේ අධිකරණ අමාත්‍යවරිය මුණගැසීමට නියමිත බවට වාර්තා වෙනවා.ඒ අදාළ නීති රීති තහනම් කරන මෙන් ඉල්ලා සිටිමිනුයි. රටේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මෙම සම්ප්‍රදායට එරෙහිව මතයක් ගොඩ නඟමින් මෙම සංවිධාන ගත පිරිස රැස්වීමක්ද කැඳවා තිබෙනවා.වර්තමානය වන විට මේ සම්බන්ධයෙන් උණුසුම් විවාදයක් ඇති වී ඇති බවත්, “කට්නා“ යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රියාවලිය පිළිබඳව අද දිනයේ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සඳහන්. මෙම පිරිස පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව හානිදායක අකුසලයක් බවයි.එමෙන්ම සමහර කාන්තාවන් පවසන්නේ මෙය ඔවුන්ට ආපසු හැරවිය නොහැකි හානියක් බවයි.

Share...
  •  
  •  
  •  
  •  
  •  
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!