Hot News

“අනතුරු දෙකක් ඒකම තැන සිදුවෙයි-යතුරුපැදි කරු එතනම අවසන් හුස්ම හෙලයි”(VIDEO/PHOTO)

“අනතුරු දෙකක් ඒකම තැන සිදුවෙයි-යතුරුපැදි කරු එතනම අවසන් හුස්ම හෙලයි”(VIDEO/PHOTO)

යාපනය ඒ 9 මාර්ගයේ කිලිනොච්චිය අලිමංකඩ ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු අද (12) උදෑසන ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.අනතුරකට ලක්ව නවතා තිබු බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.අනතුරින් යතුරුපැදිකරු අදාළ ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇත.ඊයේ (11) උදෑසන කොළඹ සිට යාපනය බලා ධාවනය වු සුඛෝපභොගී බස් රථයක් අලිමංකඩ පාලමේ ගැටී අනතුරක් සිදුව තිබූ අතර එම බස්රථය කිලිනොච්චිය රථවාහන නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් යතුරුපැදිකරු බස්රථයේ ගැටී මියගොස් ඇත.මියගිය යතුරුපැදිකරු කිලිනොච්චිය සිට පේදුරුතුඩුව දක්වා ගමන්කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත.ප්‍රදේශවාසීන් පවසන්නේ බස්රථය පාලමේ ගැටී මාර්ගය අවහිරව තිබූ අවස්ථාවේ බස්රථයේ අලෝක සංඥා හෝ පොලිසිය විසින් අනතුරු සංඥා දල්වා නොමැති බවය.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!