Hot News

“අදට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය අවලංගු වෙයිද ? “

“අදට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය අවලංගු වෙයිද ? “

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය නිමාවට පත්වුයේ ඉන්දියාවට පුර්ණ තරගාවලි ජයග්‍රහණයක් හිමිකර දෙමින්.කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ගෞරවය මදක් හෝ රැක ගැනීමට ඇති එකම අවස්තාව වන්නේ මෙම සංචාරයට ඇතුලත් වී තිබෙන එකම විස්සයි විස්ස තරගය ජය ගැනීමෙන් පමණි.දෙරට අතර එකම විස්සයි විස්ස තරගය අද දින (06) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිතව ඇත.නමුත් එම තරගය අද දිනයේ පැවැත්විය නොහැකි හැකි තත්වයක් ඇති විය හැකි බව මේ වන විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් වාර්තා වනවා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය පසුගිය දෙදිනේම වැසි සහිත කාලගුණය හේතුවෙන් මුළුමනින්ම වසා තැබීමට සිදුව තිබෙනවා. ඊයේ දිනයේ කොළඹ නගරයට නොකඩවා වැස්ස ඇද වැටුනු අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් අද දිනය තුළ ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.කෙසේ වෙතත් අද දිනයේ තරගය නොපැවැත්වීමට සිදු වුවහොත් වෙනත් දිනයකදීද තරගය පැවැත්වීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ට තීරණයකට එලබීමට අපහසු වනු ඇත.එනම් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලිය සදහා පුහුණුවීම් කටයුතු සිදු කිරීමට ඉන්දීය කණ්ඩායමට තම මව්බිමට යාමට සිදු වන නිසා.කෙසේ වෙතත් අද තරගය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නිල වශයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන එකම T20 සංචිතය සඳහා සංචිතය නම් කර ඇති අතර සංචිතයට වේගපන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග,විකුම් සංජය,සුරංග ලක්මාල් සහ ඉසුරු උදාන නම් කර ඇත.වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස තිසර පෙරේරා,දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එක් වේ.කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර වනිදු හසරංග කණ්ඩායමට කැඳවා ඇති අතර,පා දඟ පන්දු යවන්නෙකු වන ජෙෆ්රි වැන්ඩසේද කණ්ඩායමට නම් කර ඇත.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!