Hot News

“අජුතගේ ගෝලයෝ කුජිත වෙයි-ප්‍රසිද්ධියේම පාසැල් සිසුවාගේ රෙදි ගලවයි..!”

“අජුතගේ ගෝලයෝ කුජිත වෙයි-ප්‍රසිද්ධියේම පාසැල් සිසුවාගේ රෙදි ගලවයි..!”

පොලිස් නිලධාරියෙකු ප්‍රසිද්ධ ස්ථානයක පාසල් සිසුවෙකුගේ සරම කඩා දැමීම නිසා එම පාසල් සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර නිවස තුලටම වී කාලය ගත කිරීමේ පුවතක් හලාවතින් වාර්තා වනවා.මේ සිසුවා මෙවර අ.පො ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටීමට නියමිත අතර මේ හේතුවෙන් එයද කඩාකප්පල් වෙතැයි දෙමාපියන් චෝදනා කරන බව පවසයි.පසුගිය එකොලොස්වන දින පස්වරුවේ මේ සිදුවීම වී ඇත.හලාවත මාලිගාවත්ත ග්‍රාමයේ වැටලීමකට ගිය අවස්ථාවේ හලාවත පොලිසියේ නිලධාරීන් මේ සිසුවාගේ සරම කඩා ඉවත් කර ඇති බව මේ සිදුවීම ඇසින් දුටුවන් පවසයි.සිසුවා යට ඇදුමක් ඇඳ නොසිට ඇති අතර මේ අවස්ථාවේ අසල සිටි පිරිස් සිසුවාට හූ කියා ඇති බවයි වාර්තා වේ.හලාවත පොලිසියේ ‘ක්වික්’ නමැති අනවර්ථ නාමයෙන් හඳුන්වන පොලිස් නිලධාරියෙකු තමාගේ සරම කඩා දැමු බව සිසුවා පවසයි.

ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!